RPL මගින් NVQ සහතික ලබාගන්නේ කොහොමද


1.       RPL මගින් NVQ සහතික ලබාගැනීමට බලාපොරොත්තු වන ඔ්නෑම අයෙක් මුලින්ම කළයුත්තේ රාජ්‍ය අංශයේ වෘත්තීය පුහුණු අායතනයක ඒ සදහා ලියාපදිංචි වීමයි.
   ඒම ලිපිනයන් පහත සදහන්වේ


2.       ඒ සදහා අදාල ලියාපදිචිවීමේ අයදුම්පත පුරවා ලියාපදිංචි ගාස්තු ගෙවා නැවත භාරදියයුතුය (අයදුම් පත් පුහුණු අායතන වලින් ලබාගතහැකිය).

3.       පසුව අායතන මගින් ඔබට ඒම වෘත්තියට අදාල අැගයීම් කරුවෙකු පත්කරනු අැත.

4.       ලියාපදිංචි වී අැගයීමට සහභාගීවන කාලය අතරතුර දී අපේක්ෂකයාට තම වෘත්තියට අදාල ජාතික නිපුණතා සම්මතයෙහි අඩංගු අවශ්‍යතාවය අනුව වඩාත් උචිත මට්ටම කුමක්දැයි තහවුරු කරගතහැකිය


5.       අැගයීම සදහා අපේකෂකයාට තම සිතැගි පරිදි දිනයක් හා වේලාවක් වෙන්කරවා ගැනීමට හැකිවේ
තවද අැගයීම සිදුකරනු ලබන වැඩබිම හෝ ස්ථානය පිළිබදව අැගයිම්කරු සමග ඒකගතාවයකට පැමිණීමටද හැකිය.
6.       අපේකෂකයා අැගයීම් සාර්ථකව නිමකලේ නම් අැගයිම්කරු විසින් අපේකෂකයාට ඒ අවස්ථාවේදිම දන්වන අතර ඒසේ නොවුවහොත් අැගයිම්කරු විසින් අපේකෂකයාගේ අඩුපාඩු පිළිබදව දැනුවත් කරනුඅැත. මෙය අපේකෂකයාට නැවත අැගයීමක් සදහා සූදානම් වීමට පිටිවහලක් වනු අැත.

7.       අැගයීම සාර්ථකව නිමකළ පසු අදාල අායතනය මගින් සහතිකය ලබාදීමට වැඩ කටයුතු සලසනු අැත.

8.       ලියාපදිංචි අැතුලු අනෙකුත් ගාස්තු අපේකෂකයා ගෙවිය යුතුවේ

9.       RPL මගින් NVQ සහතික ලබාගැනීමේදී අපේකෂකයා ගේ හැකියාව ලබාගත් ස්ථානය, අාකාරය, අවස්ථාව, යන්දේ සලකා බලනු නොලැබේ

10.   RPL මගින් NVQ සහතික ලබාගැනීමේදී ඒම අැගයීම අපක්ෂපාතී, ස්වාධීන, විනිවිද භාවයෙන් යුතු නම්‍යශීලීවේ

11.   අැගයීම පිළිබදව කිසියම් කුතුහලයක් අපේක්ෂකයාට අැත්නම් ඒ පිළිබදව දැන්වීමක්ද කලහැකිය


1.       තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව (TVEC)

 තුන්වන මහල

අංක 354/2, ‘‘නිපුණතා පියස’’
අැල්විටිගල මාවත, නාරාහේනපිට.

දු.ක          - ‍011 5849291
ෆැක්ස්      -011 2555007
                                                    ඊ මේල්  - info@tvec.gov.lk
1.       ජාතික අාධුනිකත්ව හා කාර්මික පුහුණුකිරීමේ අධිකාරිය NAITA
  
                                                    971, ශ්‍රී ජයවර්ධනපුර මාවත

වැලිකඩ, රාජගිරිය
දු.ක          - ‍011 2863680
ෆැක්ස්      -011 2863737
ඊ මේල්  - naita_dt@sktnet.lk


RPL අැගයීම සදහා ග්‍රාමීය පුහුණු මධ්‍යස්ථාන හා පහත සදහන් ප්‍රධාන පුහුණු අායතන වලින් ලබාගතහැකිය.

·         කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තුමේන්තුව (DTET)
අධ්‍යක්ෂ පුහුණු - 011 2449468

·         ජාතික තරුණ සේවා සභාව (NYSC)
අධ්‍යක්ෂ පුහුණු - 011 2850995

·         ශ්‍රී ලංකා වෘත්තීය පුහුණුකිරීමේ අධිකාරිය (VTA)

අධ්‍යක්ෂ පුහුණු - 011 4510908/ 011 2574102