වෘත්තීය අාරක්ෂාව හා සෞඛ්‍ය ගැටළු


සෑම වර්ෂයක් පාසාම විශ්වය තුල විශාලවශයෙන් කාර්මිකඅනතුරු සිදුවේ.අැතැම් අනතුරු මරණයත් අැතැම් අනතුරු යාවජීව දුබලතාද තවත් සමහරඒවා තාවකාලික දුබලතාවයන්ද අැතින‍කරයි. සෑම අනතුරකටම ගොදුරුවන්නන් හට පීඩාවද, වේදනාවද, මරණයකදී මුළු පවුලේ සාමාජිකයින්ට දුක වේදනාවද අැතිවේ. ඒමෙන්ම අනතුරු වලින් කාලයත්, මුදලුත් , ර්‍ශමයත් මුදලුත් අපතේයයි.

කාර්මික අනතුරක් යනු පුද්ගලයෙකු යම් කාර්‍යක නිරතවිට එම කාර්‍යයේ යම් අඩුපාඩුවක් හේතුවෙන් බරපතල තුවාල, මරණය හෝ අලාභහානි සිදුවීමයි.
මෙම අණතුරුවලින් විශේෂ පුහුණුවලත් ශ්‍රමිකයින් අහිමිවේ

කර්මාන්තශාලා නීතිරීතිවල අාරම්භය

ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1919 පටන්ගැන්ම සිට වෘත්තීය අාරක්ෂාව, සෞඛ්‍ය හා සුභසාධනය පිලිබදව කමිටුවක් පත්කර උපදෙස් හා ගිවිසුම් රාශියක් සම්මත කරගෙන අැත.
කර්මාන්තශාලා අාඥාපනත
කර්මාන්තශාලාවක සේවයකරන සේවකයන්ගේ අාරක්ෂාව, සෞඛ්‍ය හා සුභසාධනය මුඛ්‍ය පරමාර්ථය කරගත් නීතිපද්ධතිය මෙයයි.

කර්මාන්තශාලාවක සාමාන්‍ය අර්ථදැක්වීම

වහලක් අැතිව/නැතිව ලාබ ලැබීමට/වෙළදාමට පහත (1,2,3,4,5) ලෙස  ඒක්කෙනෙක් හෝ වැඩිදෙනෙක් සේවයේ යෙදවීමත් සේවකයාට ඒහි පිවිසීමේබලය හා සේවකයන් පාලනයකිරීමේ බලයක් අැති සෑම ස්ථානයන‍ක්ම කර්මාන්තශාලාවකි

1 1.     යම් ඛන්ඩයක් හෝ ඉන් කොටසක් සෑදීම
2 2.     යම් ඛන්ඩයක් අාරම්භකිරීම හා අවසානකිරීම
3 3.     යම් ඛන්ඩයක් වෙනස්කිරීම හෝ අලුත්වැඩියාකිරීම
4 4.     යම් ඛන්ඩයක් විකිනීම හෝ පිලියෙලකිරීම
5 5.     මස් පිණීස සතුන් මැරීම, ගාල්කිරීම


විදුලි අාරක්ෂාව

විදුලිය ඒදිනෙදා ජීවිතෙය්දී අත්‍යාවශ්‍ය බලශක්තියකි විදුලිය. නිවාස, කර්මාන්තශාලා, හා කාර්යාලයන්හිදී විවිධ කටයුතු සදහා භාවිතවේ.

විදුලිය මගින් සිදුවියහැකි අනතුරු
·     

              ගිනිගැනීම් හා පිපිරීම්
·         පිලිස්සීම් -                               සම මතුපිට පිලිස්සීම්
                                                      අධි සංඛ්‍යාත පිලිස්සීම්
                                                       තරංග සංඛ්‍යාත පිලිස්සීම්
                                                        ක්ෂනික පිලිස්සීම්  
·        පෙනීමේ දුර්වලතා
·        දේපල වලට අලාභ හානි සිදුවීම
·         විදුලි සැර වැදීම -                      පරිවරන පලුදුවීම
                                                         මූට්ටු යෙදීමෙදී පරිවරනය නොකිරීම
                                                         භූගත නොකිරීම
                                                         තෙතමනයේ සිට විදුලි කටයුතු වල යෙදීම

විදුලි සැර වැදීමකදී මරණය සිදුවන අාකාර

1.      ස්වසන මාංශ පේශී තදවීම මගින් ස්වසනය අඩාලවීම
2.      හද ගැස්ම විකෘති වී සිරුර පුරා රුධිර සංසරනය අකර්මණ්ය වීම
3.      ස්නායු පිලිස්සීම මගින් මරණය සිදුවීම
4.      විදුලි සැර වැදීමත් සම‍‍ග වැටීම, තුවාල වීම, උපකරණවල වැදීම


විදුලිය මාරාන්තික වීමට අවසථාව අනුව බලපාන සාධක

1.      ධාරාවේ ප්‍රමාණය  (Ampere)
2.      විභව අන්තරයේ/ විද්‍යුත් පීඩනයේ ප්‍රමාණය  (Voltage)
3.      සමෙහි හා ශරීරයෙහි අභ්‍යන්තර ප්‍රතිරෝධය
4.      ප්‍රථ්‍යාවර්ත හෝ සරල ධාරාව වීම
5.      ධාරාව ගමන් ගත් මාර්ගය
6.      ධාරාව ගමන් ගත් කාලය
7.      ශරීරයේ ගැටුනු ස්ථානීය වර්ගඵලය


ශරීරය තුලින් ගලන ධාරාවේ ප්‍රමාණය
ප්‍රතිචාරය
0.001
සම නලියමින් දැනෙයි
0.009
මාංශ පේශින් තදවී සැපයුම් සංඛ්‍යාතය අනුව හැසිරේ
0.03
ස්වසනය අපහසුවී මිනිත්තුවකින් පමන නැවත සුව නොවන අනතුරු සිදුවේ
0.1 හෝ 0.2
හදවතේ තන්තුවල ක්‍රියාකාරීත්වය අඩපනවී ක්ෂනිකව මරණය සිදුවේ


වැඩුනු පුද්ගලයෙකුගේ ශරීර අභ්‍යන්තර ප්‍රතිරෝධය


පුද්ගලයින් ගේ ශරීරය අනුව, ගැහැණු පිරිමි බව අනුව, කාළගුණය අනුව, දේශගුණය අනුව, සමේ දහඩිය හා තෙතමනය අනුවද ශරීර අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස්වේ.

තවද විභවඅන්තරය වැඩිවෙත්ම ප්‍රතිරෝධය අඩුවේ 


  • සාමාන්‍යයෙන් වැඩුනු කාන්තාවකට වඩා පුරුෂයෙකුගේ ශරීර ප්‍රතිරෝධය  25%ක් පමන අඩුය.


සජීව ස්ථානවලදී වැඩ කිරීමේදී අධික ප්‍රතිරොධයක් සහිත රබර් අත්වැසුම් හා රබර් පාවහන් භාවිතකලයුතුය

විදුලි වැඩ කිරීමේදී පිළිපැදිය යුතු අාරක්ෂක රීති
  මෙම රීති 5 පිළිවෙලින් ඉටුකලයුතුමය
1
   .     ප්‍රධාන වහරුව විසන්ධි (off) කල යුතුය
2 .     විලායක ගලවා තමා අසල තබාගතයුතු අතර වහරුව අගුල් යෙදිය යුතුය
3 .     වෝල්ට් මීටරයක් හෝ පරික්ෂක පහනක් මගින් සෑම රැහැනක විභව අන්තරය පරික්ෂා කල              යුතුය
4 .     විදුලි සැපයුමේ තෙකලා සජීව අග්‍ර 3 (L1,L2,L3)  එකට සම්බන්ද කර උදාසීන(N) අග්‍රය හා                    සම්බන්ද කර, භූගත (Earth) කලයුතුය
5 .     වෙනත් අත්‍යාවශ්‍ය රැහැන් අැත්නම් සුදුසු පරිදි අාවරණය කරන්න


ගිනි අාරක්ෂාව

ගින්නක් අැතිවූවිට සීග්‍රයෙන් පැතිරී යන අතර විශාල අලාභ හානි සිදුවේ
ගින්නක් අැතිවීමට හා පැවතීමට අවශ්‍ය මූලික අවශ්‍යතා 3කි.
1
  •        තාපය (ඉන්දන හා O2  දැවීමට සමත් උෂ්නත්වය)
  •          දහන පෝශකය  (O2)
  •       දාහ්‍ය ද්‍රව්‍ය/ඉන්දන  (දැවෙනසුලු ඔ්නෑම දෙයක්)
                                                        


(O2) ඔක්සිජන්

සෑම ගිනිගැනීමට ඔක්සිජන් අවශ්‍යවේ. ගෝලීය ඔක්සිජන් ප්‍රතිශතය 21%  පමණ වන අතර ඒය 16% ට වඩා අඩුඋවහොත් බොහෝ ද්‍රව්‍ය ගිනිනොගනී. ඒයින් ඔක්සිජන් ප්‍රතිශතය වැඩිවීම ගින්නකදී කෙතරම් අවදානම් දැයි සිතාගතහැකිය.

ගිනි ැතිවීමේ ප්‍රභවයන්

විදුලි උපකරණ හා සන්නායක මගින්
ස්ථීති විදුලියෙන්
දුම් පානයෙන්
පෑස්සුම් වලදි
ද්‍රව්‍ය රත් කිරීමෙන් හෝ උනුකිරීමෙන්



ගිනි නිවාරනය




ගිනි ත්‍රිකෝණය
  • ගින්නක පැවැත්මට අාරක්ෂාව සපයන සාධක 3කි.
  • ගින්නක අාරක්ෂයින් වන මේ තිදෙනා බිදවීමෙන් ගිනි නිවියහැකිය

ගින්නක් අැතිවූවිට  හැකි සෑම අාකාරයකින්ම අසල අැති ද්‍රව්‍ය ජ්වලන උෂ්ණත්වට පත්කරමින් ගින්න පැතිරේ. ඒනිසා ගින්න පාලනය ඉතා වැදගත්ය.
ගිනි නිවාරනයේදී ගිනි වර්ගීකරනය ඉතා වැදගත්වේ
තවද ගින්න කුමන වර්ගයේද යන්න
ගින්නේ ප්‍රමාණය
ගිනි නිවාරණ උපකරණයේ කාර්‍යක්ෂම බව හා ධාරිතාවය
භාවිත කරන්නාට අැති අාරක්ෂාව (CO2 ගිනි නිවනය භාවිත කරන්නෙකු CO2 අාස්වාස වී                                                                                ක්ලාන්තවිය හැකිය)

A වර්ගයේ ගිනි-

කාබනික ද්‍රව්‍ය අඩංගු ඝන ද්‍රව්‍ය මේ යටතට ගැනේ ( ලී, කඩදාසි, රෙදි, රබර්)
 ජලය ඉසීම මගින් මෙම ගිනි නිවාදැමිය හැකිය.

B වර්ගයේ ගිනි-




ද්‍රව වර්ග හෝ ද්‍රව බවට පත්වන ද්‍රව්‍ය ගිනිගැනීම මේ ගිනි වර්ගයයි.


කුඩු ගිනි නිවනය, පෙන ගිනි නිවනය, හා CO2 ගිනි නිවනය භාවිත කළහැකිය

C වර්ගයේ ගිනි-



මෙය නම් වායු වර්ග අැවිලීමයි.  ( අැමොනියා කාන්ඩයේ වායු වර්ග, පෙට්‍රල් වැනි ඉන්ධන වාශ්ප බවට පත්වූ පසු )
CO2 ගිනි නිවනය භාවිත කළහැකිය

D වර්ගයේ ගිනි-



ලෝහ වර්ග ගිනි ගැනීම මේ නමින් හදුන්වයි. (Mg, Mgමිශ්‍ර ලෝහ, Na හා K ජලයට මිශ්‍ර වූ පසු)
කුඩු ගිනි නිවනය භාවිත වේ. කුඩු වර්ගය ලෝහය අනුව තීරනය කරයි.
වැලිද භාවිත කළහැකිය.

ගිනි නිවාරණ උපකරණ හැසිරවීමේ පුහුණුවක් අවශ්‍යය
ගිනි නිවාරණ අායතනික පටිපාටියක් පැවතිය යුතුය
·        අනතුරු සංඥා
·        හදිසි මාර්ග
·        සොඩනල වැනි ගිනි නිවාරණ උපකරණ

ගින්නක් හටගත්විට
      
      1.     අනතුරු සංඥාව
2.     හැකිනම් නිවාලන්න
3.     නියමිත හදිසි මාර්ග භාවිත කරන්න
4.     විදුලිය විසන්දි කරන්න
5.     යන්ත්‍ර ක්‍රියාවිරහිත කරන්න
6.     දොර ජනෙල් වසන්න, අගුලු නොදමන්න  ( CO2 ප්‍රතිශතය ඉහල නැංවීමට)
7.     පුද්ගලයින් අැතුල් නොකරන්න /පිට කරන්නගිනි නිවීමේ හමුදාව ඒන මග නිදහස් කරන්න
8.     ගිනි නිවීමේ හමුදාව ඒන මග නිදහස් කරන්න